Wednesday, October 12, 2011

යන යන තැන USB


සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි USB drive එකක් එහෙමත් නැත්තමි flash drive එකක් පාවිචි කරන්න පරිගණයක ආධාරය අවශයි කියන එක. ඇත්තටම USB port එකක් තියෙන ඕනම භාණ්ඩයකට මේක පොදු ලක්ෂණයක්. එත් දැන් මේ අදහස වෙනස් කරගන්න කාලය ඈවිල්ලා ඒ USB on the go කියන තාක්ෂණයත් එක්ක. සරලවම කිවුවොත් USB on the go කියන්නේ මෙචිචර කාලයක් පරිගණකයත් USB port සහිත උපාංගත් අතර තිබුණ ආත්මීය බැදීම බිඳ දමන්න තාක්ෂණයක් , 

Friday, October 07, 2011

එහෙම වෙන්න ඇති

 සුවහසක් මල් උයන්
වේලාසන පැමිණියවුන්ගෙන් පිරී තියෙන්න ඇති

ලාබ කාමරයකි එන්න කීවත්
පීලි නොපැනම මගහැර යන්න ඇති

හිරිකඩ පිඹින වෙරළ අද්දර
කෙටිටු පපුවට අගුණ වෙන්න ඇති

නොලද්දෙන් අන් තැනක්
තබා සෙරෙප්පපුව , පීල්ල මත ඉඳ ගන්න ඇති

ප්‍රේමයේ විසල් තුරැ සිහිලැල්ල
දලු මල් ඵල පුබුදන්න ඇති

අනියත ප්‍රේමයක පීලි මත උනුන් තුරැළුව
අපිත් රේල් පීලි වාගෙයි කියා හෙමිහිට මුමුණන්න ඇති

දී ඇති පීල්ලෙම හැමදාම දුවන රේල්ලුව 
හු කියාගෙන එදත් දුව එන්න ඇති

දුටු දුටු දනා ආලය අන්ධයි කියාගෙන
ආපු පීල්ලෙ යන්න ඇති.

නිමිත්ත - රේල් පීල්ලේ වාඩි වී සිට පෙමි යුවල දුමිරියට බිලි
 උපුටා ගැනීම 2011 අගෝස්තු 21 රාවය පුවත් පත.

Thursday, October 06, 2011

නුඹ අසම සමය

අද උදේ නැගිටලා මුණ කට ​හෝදන්නත් කලින් පුරැදු විදියට කොටිටෙ යට තිබුණ මොබයිල් එක අතට ගත්තේ මුණු පොතෙන්ම දවස පටන් ගන්න හිතාගෙන. ඒත් මුණු පොතට log වෙලා Facebook home page එකේ තිබුණ news එකක් දැක්කම ඈස් නිලංකාර වෙලා ගියා. ඒ Apple සමාගමේ සභාපති Steve jobs මිය ගියා කියන පුවත දැකීමෙන්. Steve කියන්නෙ මම ආදරේ කරපු ගරැ කරපු පුද්ගලයෙක්. ඉතින් මට හිතුනා අද Steve jobs වෙනුවෙන් උපහාර දැක්වීමක් විදියට ඹහු වෙනුවෙන් blog post එකක් දාන්න ඹින කියලා. මම පුංවි කාලෙ ඉදලම Apple නිෂ්පාදන වලට ආස කලත් මම මෑතක් වෙනකමි Steve jobs ගැන වැඩි යමක් දැන ගෙන මම හිටියෙ නෑ. මම ඹහු ගැන බොහෝ දේවල් දැනගත්තේ ඹහු 2005 වසරෙදි පවත්වපු Harvard Commencement Speech එකේදි ඇත්තටම ඹහු Apple සමාගමේ සභාපති වෙනකම් ආපු ගමන රෝස මල් යහනාවක් මතින් ආපු ගමනක් නමි නෙමෙයි ඒ ගැන සමිපුර්ණ විස්තර Harvard Commencement Speech එකේදි ඹහු ප්‍රකාශ කලා ඒක ඇත්තටම බොහොම සංවේදි කතාවක් ඹයාලත් කතාව කියවලම බලන්න.

Monday, October 03, 2011

Bruno Mars - Just The Way You Are

Oh, her eyes, her eyes, make the stars look like they're not shining
Her hair, her hair, falls perfectly without her trying
She's so beautiful, and I tell her every day

Yeah, I know, I know, when I compliment her she won't believe me
And it's so, it's so, sad to think that she don't see what I see
But every time she asks me do I look ok, I say

When I see your face, there's not a thing that I would change
Cause you're amazing, just the way you are
And when you smile, the whole world stops and stares for a while
Because girl you're amazing, just the way you are

Sunday, October 02, 2011

How to remove Nav bar from you blog

Many people that are interested in blogging with blogger site have one common complain , that is that they can`t remove the Nav bar from their blogs. So i found out a solution for them. I mean a a way to remove the Nav bar from your blog. Perhaps one may wonder what is the use of doing this now let me answer for that question first.
  • It looks more professional without it because having nav bar your blog look more like a free-hosted blog and less like a professional site.
  • This may not seem significant, but not having the nav bar it gives your bit more space for graphics. You will this useful when designing your own blogs.
But some times the Nav bar can becomes handy also
  • It makes editing a little bit easier: You can login directly from the blog itself, and don't have to worry about logging into blogger. You can also edit capsules from the main page, without having to go into elements.
So its up to you to decide to keep the Nav bar or to remove it any way if i get on with my topic , to remove Nav bar you have to follow this steps.

Friday, September 30, 2011

වේගය සීමාව ඉක්මවීම

දැනට දවස් කීපයකට කලින් ඒ කියන්නෙ සැත්තැමිබරිර් 22 ​භෞතික විද්‍යා ලෝකෙ ලොකු කතිකාවතක් නිර්මාණය වුනා ඒ ඉතාලියේ සර්න් කියන අධි තාක්ෂනික පරික්ෂණාගාරයේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අංශු (නියුට්‍රිනෝ) වර්ගයක් නිරීක්ෂණය වීම නිසා. ඇත්තටම සිද්ධ වුනේ ලක්ෂ දෙකක් අතර දුර තරණය කිරීමට පරීක්ෂකයන් ගණනය කල කාලයට වඩා නැනෝ තප්පර 60 විතර අඩුවෙන් මේ අංශු වලට ගත වීමයි. ලැබුණ ප්‍රතිඵල වලින් විස්මයට පත් වුණ පරීක්ෂකයන් පිරිස නැවත නැවත මේ පර්යේෂනය කරන්න අමතක කලේ නෑ. අවසානයේ ලැබුණ ප්‍රතිඵලය ඇදහිය නොහැකි ඵකක් වුණා මොකද කිවුවොත් භෞතික විද්‍යා ඉතිහාසයේ මුල්ම වරට ඔවුන් විසින් පරීක්ෂණයට ලක් කළ අංශු විශ්වීය වේග සීමාව හෙවත් ආලෝකයේ වේගය ඉක්මවල තිබිබා. මේ ආරංචිය දැනගත්ත නොයෙක් අය නොයෙක් මත පල කලා ඵ් අතරින් ප්‍රධාන මතයක් වුනේ සාපේක්ෂතා වාදය වැරදිද කියන එක මොකද සාපේක්ෂතා වාදයේ මුලිකම උකපල්පනයක් වෙන්නෙ විශ්වීය වේග සීමාව හෙවත් යමි අංශුවකට හෝ කිරණයකට ලබා ගත හැකි උපරිම වේගය ආලෝකයේ වේගය කියන ඵක නිසා. තවත් මතයක් වුනේ මේ නව සොයා ගැනීමත් එක්ක කාල තරණය සැබෑවක් වෙයි කියන එක. මොකද කිවුවොත් කාල තරණයට තිබිබ ප්‍රධානතම බාධාව හෙවත් ආලෝකයේ වේගය ඉක්මවීමට නොහැකී යන මතය මේ නව සොයා ගැනීමත් එක්ක බිඳ වැටෙන නිසා. කොහොම නමුත් මේ පරික්ෂණයේ ප්‍රතිඵල එක්ක  භෞතික විද්‍යා මුලධර්ම වලට දරැණු අතුල් පහරක් එල්ල වුණා මේ නිසාම මේ පරික්ෂණයේ ප්‍රතිඵල පිළිගැනීම හෝ නොගැනීම ගැන නොයෙක් යෝඡනා , වෝදනා , තර්ඡන , ගර්ඡන එල්ල වෙද්දි අපේ නලින් සර් (මහාචාර්ය නලින්ද සිලවා) මේ ගැන බොහොම වට්නා ‍අදහසක් විදුසර පත්‍රයේ අපේ ප්‍රවාද ලිපියේ පල කරලා තිබ්බා. එනමි දැනුම කියන්නෙ අප විසින් අප අවට ලෝකය තේරැමි ගැනීමට යොදා ගන්නා වාස්තචිත (වාචික) දෙයක් පමණක් බවත් එය නිරතුරැවම වෙනස් වීමි වලට බදුන් වන දෙයක් මිස ඊනියා (බොරැ) ස්ථාවරත්වක් නොදරන්නක් බවත් කියන එක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ සොයා ගැනීමත් එක්ක භෞතික විද්‍යාවේ නව මානයන් ව්වර ව්ය හැකි බවත් ඉන් බොහොමයක් විස්මයක ඡනක සිදුවීම් වලට මඟ විවර විය හැකි බවත්.

299 792 458 m / s (speed of light) 

මේකත් බලන්න අමතක කරන්න එපා ( particles that exceeded speed of light)

Wednesday, September 21, 2011

අසුරු සැනින් එක මොහොතක දී

අසුරු සැනින් එක මොහොතක දී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා                               

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා


මේ මම ගොඩක් ආදරේ කරන සිංදුවක් මෙතනින් ගිහින් ඔයාලත් අහල බලන්න

Saturday, September 17, 2011

අපි හැමෝම එක පවුලක්

කාර්ය බහුල සතියක අවසානයත් එක්ක තවත් කාර්ය බහුල සතියක් ආරම්භ වෙනවා. ඈත්තටම දැන් නමි AL`s කරපු කාලෙටත් වැඩිය මහන්සි වෙනවා. පොත් බලනවා , blog ලියනවා , වාහන පදිනවා , music ඉගන ගන්නවා ඔය වගේ ගොඩක් දේවල් නිසා ඡීවිතේ ඈත්තටම කාර්ය බහුලයි. ඒක නිසා මේ සතිය පුරාවටම Blog එක update කරන්නත් බැරි උනා. ඈත්තටම අද නමි ලියන්න මාතෘකා නීපයක්ම තියෙනවා ඒත් තෝරලා බේරලා බලලා මම කල්පනා කලා මට ඊයේ අදුරගන්න ලැබුන CG එක හෙමත් නැත්තමි උමතු ගැන්සිය ගැන ලියන්න ඕන කියලා. මම දන්න විදියට CG එක පටන් ගන්නෙ මුණු පොත හරහා මිත්‍ර වුණ යාළුවෝ කීප දෙනෙක් වෙනත් විදියකින් කියනවා නම් ඈත්තටම ඔවුන්ගේ අරමුන වෙන්නෙ ම්තුරැ හවුලක් පටන් ගැනීම. ඉතින් ඒ විදියට පටන් ගන්න මේ උමතු ගැන්සිය විවිධ දුක් කමිකටොලු මැද ක්‍රමයෙන් ඉදිරියට පියවර මනිනවා ඒත් ඒක රෝස මල් යහනාවක ආපු ගමනක් නමි නෙමෙයි. පියවරෙන් පියවර උමතු ගැන්සියේ සාමාඡික සංඛයාව වැඩි වෙද්දි ඔවුන් අතර තියෙන බැදීමත් ක්‍රමයෙන් වැඩි වෙනවා ඒ අතරම සාමාඡිකයෙකුගෙ ඡීවිතෙ වැදගත් අවස්ථාවකදි CG එකේ පැමිනීමත් සමිප්‍රදායක් වෙනවා. සමහරැ උමතු ගැන්සියෙන් කළණ මිතුයෝ හොයා ගන්න කොට තවත් සමහරැ ඡීවිතේට සහකාරියක් සහකාරයෙක් හොයා ගන්නවා ඔය අතරෙ තවත් සමහරැන්ගෙ නමි අල්ලා ආදරනීය මඩ ප්‍රචාර දියත් වෙනවා ( සමීන්ද්‍ර කොලුවයි දුලා කෙල්ලයි මේක බලලා මුණ රතු කරන්නවා එහෙම නෙමෙයි හරිද ). ඔය විදියට CG එකේ කටියගේ ඡීවිත බොහොම සුන්දර විදියට ගෙවිල යනවා. ඉතින් කාලයක් ඉදලා තිබිබ ආසාවක් ඵල දරමින් මටත් ඊයෙ CG එකේ ආඩමිබරකාර සමාඡිකත්වය ලැබුනා. ඒ ගැන මුළු හදවතික්‍න්ම සතුටු වෙන අතරෙ අපි හැමෝම එක පවුලක් කියන එකත් මට අමතක වෙන්නෙ නෑ.

උමතු ගැන්සිය ගැන තවත් විස්තර මෙතනින් දැන ගන්න

Monday, September 12, 2011

අපොස උපේ

සා.පෙළ සාපය අවසන්          කරපං
උ.පෙළ වෙනුවෙන් ෆුල් වැඩ කරපං
කැම්පස් සිහිනය දිගටම          බලපං
වීරිය දාලා උ.පෙළ                  කරපං

භෞතික විද්‍යා අතිශය          අමාරැලු
හෝම් වර්ක් පිදුරැතලාගල      පරාදලු
ක්ලාස් ම්ස් වුනොත් ඉබේම  අනාතලු
මේවා බැරිනමි ගෙදරම         ඉන්නලු

chemistry නම් මහ කරදර       දෙනවා
පාඩම් නොකරොත් අනාථ    වෙනවා
සුත්‍ර දැක්කම කලාන්ත            වෙනවා
හරියට කරොතොත් කැම්පස්    යනවා

ඡීව විද්‍යා ටිකක් ෂේප්                    බං
ගිරා තියරියෙන් පාඩමි             කරපං
කැම්පස් ආතල් විතරක්            හිතපං
මෙඩිකල් කොලේඡ් හීනෙන්  දැකපං

ඔක්කොම ආතල් අමතක        කරපං
කෙල්ලෙක් දැක්කත් අහකම  බලපං
මොබයිල් එක කුණු කු​ඩෙට      දාපං
වීරිය දාලා කැමිපස්                  පලයං 

Sunday, September 11, 2011

අමිමා


අඳුරට ඉඩ නොදෙන ආලෝකය    ගෙනෙන
සදුමෙන් සිසිලසින් මගේ හදවත       තෙමන
ගෙදරට පහන වී ලොවටම එලිය            වන
අමිමේ නුඹ තමයි මගේ ලොව හිමි      රෑඡින

නුඹ












උදයට හිරැ නැගී සවසට බසින            කොට
සවසට නැගුන සඳු උදයේ නොමැති       විට
අද දුටු ඡීවිතය නොපෙනෙන නමුදු        හෙට
අමතක කල හැකිද නුඹ ගැන සිතුවිලි    හිතට


තරැකැටවන් ඒ දෙනුවන් කාන්තියෙන්       බබලයි
පුන්සඳවන් වත කමලේ සිනාව නම්            කදිමයි
මද පවනේ දඟ කරනා කෙහෙරැලි මන        පිනවයි
නුඹ දැක්මෙන් උනන සතුට මහ සමුදුර         පරදයි


දවස පුරා සුන්දර රැව මගේ මනසේ           මැවෙයි
ඒ රැව සිප සැනසෙන්ට බැරි වීමත්                දුකයි
කුළුදුල් පෙම සුන්දර බව වැටහුනෙ නුඹ       නිසයි
නුඹ සැමදා හද අරනේ නාරි                       ලතාවයි