අද මම පාරට ගිහින් එද්දී මට විශේෂ යෙහෙලියක් මුණ ගැහුනා, ඇගේ මවත් හිටපු නිසා අපි අතර කතා බහක් සිදු වුනේ නමි නෑ ඒත් මාව ඈතදිම අදුර ගත්ත ඇය ලස්සන හිනාවකින් මට සංග්‍රහ කරන්න අමතක කලේ නමි නෑ. ඒ ගැන කල්පනා කර කර ගෙදර එන කොට ඇයි කියල කියන්න දන්නේ නැති උනත් මට හන්තානට පායන හද සිංන්දුව මතක් වුණා. සමහර විට අපි දෙන්නම මේ සින්දුවට ගෙඩක් ආදරේ කරන නිසා වෙන්න ඇති. ඉතින් ගෙදර ඇවිත් සිංදුව කීප සැරක්ම ඇහුවට පස්සේ මට හිතුනා මේ සිංදුව ගැන ලියන්න ඕන කියලා. මුලින්ම ඔයාලත් සිංදුව අහල ඉන්න.
Hanthanata Payana handa lassanaida kiyanna
maa nodakina e pura handa
obata hekiya dakinna
Anduru lalaa wahinaa kala sarasavi bima themenna
kude yatin oba yanakala epa thaniya denenna
latha madalu atha wanaavi epa ahaka balanna
maa gena mathakaya guli kara mahaweliyata damanna
Hanthanata Payana handa lassanaida kiyanna
maa nodakina e pura handa
obata hekiya dakinna
maa nodakina e pura handa
obata hekiya dakinna
Anduru lalaa wahinaa kala sarasavi bima themenna
kude yatin oba yanakala epa thaniya denenna
latha madalu atha wanaavi epa ahaka balanna
maa gena mathakaya guli kara mahaweliyata damanna
Hanthanata Payana handa lassanaida kiyanna
maa nodakina e pura handa
obata hekiya dakinna
මට දැනුන ව්දියට නම් මේ සින්දුවෙන් කියවෙන්නෙ උසස් පෙළ විභාගය ලියපු තරැණ පෙම් යුවලක් ගැන. හුගක් පෙමිවතුන් වගේ මේ පෙම් යුවලටත් පේරාදෙණි කැමිපස් යන්න පෙරැමි පුරාගෙන ඉන්න ඇති ඒත් අවසානයේ ඒ අවස්ථාව ලැබිලා තියෙන්නෙ පෙමිවතියට විතරයි. හන්තාන ගැන කියවෙන එකෙන් අදහස් වෙන්නෙ පේරාදෙණිය කැමිපස් එක බවත් “හන්තානට පායන හද ලස්සනයි කියන්න, මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න” යනුවෙන් පෙමිවතා පැවසීමෙන් ඔහුට හන්තානට පායන හද දකින්න නොලැබෙන බවත් පෙම්වතියට පමණක් ඒ අවස්ථාව හිමි වී ඇති බවත් අර්තවත් වෙනවා. කොහොම නමුත් පෙමිවතාගෙ හිතේ ඒ ගැන කිසිම අහිතක් නමි නැති බවක් තමයි ඒ වදන් වල ගැබි වෙලා තියෙන්නෙ.
හන්තාන එහෙමත් නැත්නමි පේරාදෙණිය කියන්නෙ නිතරම වගේ වැහි බර කාළගුණයක් තියෙන පළාතක් නේ. පෙමිවතාට ඒ ගැනත් මතක් වෙනවා ඒකයි ඔහු කියන්නෙ “අඳුරැ ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න, කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න” කියලා. වැස්ස කියන්නෙ ආදරේ කරන කරන දෙන්නෙක්ට හුඟක් ආදරණිය අත්දැකීමක්නේ මේ පෙම්වතා ඒ බව අත්දැකීමෙන් දන්නවා සරසවියට වැටෙන මල් වැහි අතරින් පෙමිවතිය සීතලේ ගුලි වෙලා තනියම ඇගේ කුඩේ යට්න් යන කොට ඔවුන් අතර සිද්ධ වුණ ආදරණීය සිදුවීමි මතක් වෙලා පෙමිවතා නැති අඩුව දැනිලා ඇගේ සිතට දුකක් දැනෙන්න එපා කියන ඔහු ප්‍රර්ථනා කරන්නේ.
ඒත් පෙමිවතා ඡීවිතේ ගැන දන්නවා ඔහු දන්නවා සරසවියක් වගේ තැනක තරැණියකට තනිව පැවැත්මක් නැති බව ඒ අනුව ඔහු අවසාන තරැණියට ඒ තීරනේ ගැනීමේ අයිතිය පවරනවා. ඒ කියන්නෙ පෙමිවතිය අළුත් පෙමිවතෙක් ගැන හිතනව නමි ඇයට ඒ ගැන තීරණයක් ගැනීමේ අයිතිය මේ විදියට පවරනවා “ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න”. මට වැඩිය හොද කෙනෙක් මුණ ගැහුනොත් මාව අමතක කරලා ඔහුට ආදරේ කරන්න මොකද කැමිපස් නොගිය මට වඩා හොඳන් කැමිපස් ගිය ඒ පුද්ගලයා ඔයාව බලා ගනී කියලා පෙමිවතා කල්පනා කරන්න ඇති. ඉතින් ඔය පද පේලියත් එක්ක ගීතය නිමා වෙනවා. අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරැ භාවාත්මක හඩ්න් ගැයෙන මේ ගීතය ඇත්තටම බොහොම සාර්ථක නිර්මාණයක්.
මීළඟට The blind side චිත්‍රපටය ගැන
Hmmmm... I always Loved this song!!! One of my favaourites from Amarasiri pieris. Lassana sampurna vicharayak :) THUMBS UP
ReplyDeletejust WOW!!!!!! :*
ReplyDeletethnkz ;-*
ReplyDeleteLike!
ReplyDeleteI like lot i think nothing to tell here its complete
ReplyDeletethankz mate
ReplyDelete