Friday, October 07, 2011

එහෙම වෙන්න ඇති

 සුවහසක් මල් උයන්
වේලාසන පැමිණියවුන්ගෙන් පිරී තියෙන්න ඇති

ලාබ කාමරයකි එන්න කීවත්
පීලි නොපැනම මගහැර යන්න ඇති

හිරිකඩ පිඹින වෙරළ අද්දර
කෙටිටු පපුවට අගුණ වෙන්න ඇති

නොලද්දෙන් අන් තැනක්
තබා සෙරෙප්පපුව , පීල්ල මත ඉඳ ගන්න ඇති

ප්‍රේමයේ විසල් තුරැ සිහිලැල්ල
දලු මල් ඵල පුබුදන්න ඇති

අනියත ප්‍රේමයක පීලි මත උනුන් තුරැළුව
අපිත් රේල් පීලි වාගෙයි කියා හෙමිහිට මුමුණන්න ඇති

දී ඇති පීල්ලෙම හැමදාම දුවන රේල්ලුව 
හු කියාගෙන එදත් දුව එන්න ඇති

දුටු දුටු දනා ආලය අන්ධයි කියාගෙන
ආපු පීල්ලෙ යන්න ඇති.

නිමිත්ත - රේල් පීල්ලේ වාඩි වී සිට පෙමි යුවල දුමිරියට බිලි
 උපුටා ගැනීම 2011 අගෝස්තු 21 රාවය පුවත් පත.

3 comments:

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.