Friday, September 30, 2011

වේගය සීමාව ඉක්මවීම

දැනට දවස් කීපයකට කලින් ඒ කියන්නෙ සැත්තැමිබරිර් 22 ​භෞතික විද්‍යා ලෝකෙ ලොකු කතිකාවතක් නිර්මාණය වුනා ඒ ඉතාලියේ සර්න් කියන අධි තාක්ෂනික පරික්ෂණාගාරයේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අංශු (නියුට්‍රිනෝ) වර්ගයක් නිරීක්ෂණය වීම නිසා. ඇත්තටම සිද්ධ වුනේ ලක්ෂ දෙකක් අතර දුර තරණය කිරීමට පරීක්ෂකයන් ගණනය කල කාලයට වඩා නැනෝ තප්පර 60 විතර අඩුවෙන් මේ අංශු වලට ගත වීමයි. ලැබුණ ප්‍රතිඵල වලින් විස්මයට පත් වුණ පරීක්ෂකයන් පිරිස නැවත නැවත මේ පර්යේෂනය කරන්න අමතක කලේ නෑ. අවසානයේ ලැබුණ ප්‍රතිඵලය ඇදහිය නොහැකි ඵකක් වුණා මොකද කිවුවොත් භෞතික විද්‍යා ඉතිහාසයේ මුල්ම වරට ඔවුන් විසින් පරීක්ෂණයට ලක් කළ අංශු විශ්වීය වේග සීමාව හෙවත් ආලෝකයේ වේගය ඉක්මවල තිබිබා. මේ ආරංචිය දැනගත්ත නොයෙක් අය නොයෙක් මත පල කලා ඵ් අතරින් ප්‍රධාන මතයක් වුනේ සාපේක්ෂතා වාදය වැරදිද කියන එක මොකද සාපේක්ෂතා වාදයේ මුලිකම උකපල්පනයක් වෙන්නෙ විශ්වීය වේග සීමාව හෙවත් යමි අංශුවකට හෝ කිරණයකට ලබා ගත හැකි උපරිම වේගය ආලෝකයේ වේගය කියන ඵක නිසා. තවත් මතයක් වුනේ මේ නව සොයා ගැනීමත් එක්ක කාල තරණය සැබෑවක් වෙයි කියන එක. මොකද කිවුවොත් කාල තරණයට තිබිබ ප්‍රධානතම බාධාව හෙවත් ආලෝකයේ වේගය ඉක්මවීමට නොහැකී යන මතය මේ නව සොයා ගැනීමත් එක්ක බිඳ වැටෙන නිසා. කොහොම නමුත් මේ පරික්ෂණයේ ප්‍රතිඵල එක්ක  භෞතික විද්‍යා මුලධර්ම වලට දරැණු අතුල් පහරක් එල්ල වුණා මේ නිසාම මේ පරික්ෂණයේ ප්‍රතිඵල පිළිගැනීම හෝ නොගැනීම ගැන නොයෙක් යෝඡනා , වෝදනා , තර්ඡන , ගර්ඡන එල්ල වෙද්දි අපේ නලින් සර් (මහාචාර්ය නලින්ද සිලවා) මේ ගැන බොහොම වට්නා ‍අදහසක් විදුසර පත්‍රයේ අපේ ප්‍රවාද ලිපියේ පල කරලා තිබ්බා. එනමි දැනුම කියන්නෙ අප විසින් අප අවට ලෝකය තේරැමි ගැනීමට යොදා ගන්නා වාස්තචිත (වාචික) දෙයක් පමණක් බවත් එය නිරතුරැවම වෙනස් වීමි වලට බදුන් වන දෙයක් මිස ඊනියා (බොරැ) ස්ථාවරත්වක් නොදරන්නක් බවත් කියන එක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ සොයා ගැනීමත් එක්ක භෞතික විද්‍යාවේ නව මානයන් ව්වර ව්ය හැකි බවත් ඉන් බොහොමයක් විස්මයක ඡනක සිදුවීම් වලට මඟ විවර විය හැකි බවත්.

299 792 458 m / s (speed of light) 

මේකත් බලන්න අමතක කරන්න එපා ( particles that exceeded speed of light)

3 comments:

  1. ලොක්කා දන්නැති හින්දා අහන්නෙ.. :D අපට කියලා දීපු සාපේක්ෂ ප්‍රවේගය අනුව දෙදිශාවට ගමන් කරන වස්තූන් දෙකක් සැලකුවොත් සාපේක්ෂ ප්‍රවේගය වෙන්නෙ ඒ ප්‍රවේග දෙකේ එකතුව නෙ.. ආලෝක කිරන දෙකක් දෙපැත්තට යැවුවොත් සාපේක්ෂ ප්‍රවේගය ‍ආලෝකයේ වේගයේ දෙගුණය නෙ.. එක්කො ආලෝකයේ වේගයට වඩා ගොඩක් ලොකු වේගයක් තියනවා. නැත්නම් සාපේක්ෂ ප්‍රවේගය බොරු. එහෙමත් නැත්නම් මට පිසසු :D

    ReplyDelete
  2. හරි සරල උදාහරනයක් ගමු අපි. පැයට කිලෝමීටර් 30 ​ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක එකින් එකට විරැද්ධ දිශා වලට ගමන් කරන සර්වසම වාහන දෙක්ක ගමු. එක් එක් වාහනේ වේග මාපකය ඒ අවස්ථාවෙදි දක්වන වේගය පැයට කිලෝමීටර් 30 මිසක් අපි සාපේක්ෂ ප්‍රවේගයත් එක්ක ගණනය කරන පැයට කිලෝමීටර් 60 නෙමෙයි නේද. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය අපි ගණනය කරන සංකල්පයක් මිසක් ඈත්තටම පවතින්නක් නෙමෙයි කියන එක නේද.

    ReplyDelete

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.