Wednesday, October 12, 2011

යන යන තැන USB


සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි USB drive එකක් එහෙමත් නැත්තමි flash drive එකක් පාවිචි කරන්න පරිගණයක ආධාරය අවශයි කියන එක. ඇත්තටම USB port එකක් තියෙන ඕනම භාණ්ඩයකට මේක පොදු ලක්ෂණයක්. එත් දැන් මේ අදහස වෙනස් කරගන්න කාලය ඈවිල්ලා ඒ USB on the go කියන තාක්ෂණයත් එක්ක. සරලවම කිවුවොත් USB on the go කියන්නේ මෙචිචර කාලයක් පරිගණකයත් USB port සහිත උපාංගත් අතර තිබුණ ආත්මීය බැදීම බිඳ දමන්න තාක්ෂණයක් , 

මේ නිසා USB port සහිත උපාංග USB on the go තාක්ෂණය දරන printers, fax machines , camera , mobile phones වගේ උපකරණ ගණනාවක් සමඟ සමිබන්ධ කර ගන්නත් පරිගණයක් හරහා සිදු කරනවා වගේම දත්ත හුවමාරැ කරන්නත් හැකියාවක් ලැබෙනවා. මේ තාක්ෂණය OTG (on the go) කියන කෙටි නමින් හදුන්වනවා. ඇත්තටම මේකෙන් එදින් එදා ඡීවිතයේ වැඩ බොහොමයක් වඩාත් පහසු වෙනවා නිසා.සරල උදාහරණයක් ගත්තොත් අපේ flash drive එකක තියෙන දත්ත OTG තාක්ෂනණය දරන ​​mobile phone එකක් හරහා ලබාගන්න හකි වීම දක්වන්න පුළුවන් ඒ වගේම  ​​mobile phone එක හරහාම flash drive එකකට දත්ත ඇතුළු කරන්න හෝ ඉවත් කරන්න හැකිවීමත් මේ OTG තාක්ෂණයේ කැපී පෙනෙන වාසියක්. තවත් මේ තාක්ෂණයේ තියෙන විශේම ලක්ෂණයක් තමයි අපි භාවිතා කරන උපකරණ වල master , slave තත්වයන් අපේ අවශයතාව අනුව වෙනස් කරන්න පුළුවන් වීම. මේ නිසාම දත්ත හුවමාරැ කිරීමේදී ඇති වෙන ප්‍රශ්න ගණනාවක්ම සරලව විසදගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ අනුව කල්පනා කරල බැලුවොත් USB on the go කියන්නේ නමෙන් අර්ථ ගැන්වෙන විදියටම යන යන තැන USB කියනවා වගේම දෙයක්ම තමයි ඒ මොකද කිවුවොත් තවදුරටත් USB drive භාවිතා කරන්න පරිගණයක් අනිවාර්ය නොවෙන නිසා.



2 comments:

  1. dvd players walata pen drives gahanna puluwan wenneth mey technology eken neda? =)

    ReplyDelete
  2. එල මමත් දැනුයි දැනගත්තේ

    ReplyDelete

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.