Friday, September 09, 2011

ගොළු හදවත

ඟං දියේ කැඩපතින්
දිලෙයි සඳ අහස් කුස
අවුලමින් හදවතේ
කුළුදුලේ පෙමි ගින්න
මගෙ නෙතේ නැත කදුළු
ඒ දුකට වැලපෙන්න
අනේ සඳ එපා තව 
මේ හදට දුක් දෙන්න


අමතකව නොමැත මට
තුරැලු වී පෙමි කෙරැව අන්දම
ප්‍රේමයෙන් මුසපත් වෙලා අපි
හදවතේ මැවු සිහින මාලිග
එහෙත් අද කොහෙද
විභාගෙන් පසුව අප සදහටම
වෙන් වුනිද


හදවතේ දුක් ගින්න
ගොනු කලෙමි මේ ලෙසට
තුන් හිතක නැත අහිත
නුඹ නමට කිසිදාක 
ඡය පතමි නුඹෙ නමට
හැමදාම සදහටම.





2 comments:

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.