Saturday, September 10, 2011

මුණු පොතෙන් මුණූ සෙවිම


ලංකාවේ ඉන්න අපි දැන ගෙන හිටියෙ නැති උනාට Facebook පාලන අධිකාරිය පහූගිය දෙසැමිබර් මාසේ ඉදලා ඇමරිකා එක්සත් ඡනපදයේ මිලියන ගණනක් වන Facebook භාව්තා කරන  ඡනතාවට විශේෂ ඡායාරෑප හදුනා ගැනීමේ සේවාවක් හදුන්වලා දුන්නා , Facebook පාලන අධිකාරිය මේ තාක්ෂණය නම් කලේ​ ​Facebook's facial recognition technology කියන නම්න්. ඇත්තටම මේකෙන් කෙරෙන්නෙ අපි Facebook එකට upload කරන ඡයාරෑප අතර තියෙන පුද්ගල ඡයාරෑප හදුනා ගැනීමකට ලක් කිරීමක්. ඒ කියන්නේඅපි upload කරන ඡායාරෑප ඉන්නෙ කවුද කියලා Facebook වේබි අඩව්යෙන්ම අපිට ඉගියක් සපයනවා. මේ සදහා ඔවුන් Facebook දත්ත ගබඩා වේ තියෙන එම පුද්ගලයගේ මීට කලින් upload කරලා tag කරපු ඡායාරෑප යොදා ගන්න බවක් තමයි pc world සඟරාව දැක්වෙන්නෙ. ඇත්තටම මේ තාක්ෂණය අළුත් දෙයක් නෙමෙයි මොකද Google picasa වගේ වෙබි අඩවි මේ තාක්ෂණය මීට කලින් ඉදන් යොදා ගත්තා. ඒත් ඒ හැම අවස්ථාවකටම වඩා ​Facebook වල face recognition තාක්ෂණය ඉදිරියෙන් තියෙන බවක් තමයි විචාරක මතය ඒ මොකද කිවුවොත් මේ වෙද්දී Facebook වෙබි අඩවිය සතුව මේ වෙද්දිත් ඡායාරෑප බිලියන 90 දත්ත එකතුවක් තියෙන නිසාත් හැම දවසකම ආසන්න වශයෙන් ඡායාරෑප මිලියන 200 මේ දත්ත එකතුවට අළුතින් එකතු වෙන නිසාත්. Facebook පාලන අධිකාරියට අනුව නම් ඔවුන් මේ තාක්ෂණය ලෝකෙ පුරා ඉන්න මිලියන 750 වන Facebook පාවිචි කරන ඡනතාවට බොහොම ඉක්මනටම ලබා දෙන්න කටයුතු කරනවලු. එතකොට Account > Account Settings > Privacy > Customize Settings හරහා අපිටත් මේ ආකර්ෂණීය සේවාව පාවිචි කරලා බලන්න පුළුවන්.

1 comment:

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.