Sunday, September 11, 2011

නුඹ












උදයට හිරැ නැගී සවසට බසින            කොට
සවසට නැගුන සඳු උදයේ නොමැති       විට
අද දුටු ඡීවිතය නොපෙනෙන නමුදු        හෙට
අමතක කල හැකිද නුඹ ගැන සිතුවිලි    හිතට


තරැකැටවන් ඒ දෙනුවන් කාන්තියෙන්       බබලයි
පුන්සඳවන් වත කමලේ සිනාව නම්            කදිමයි
මද පවනේ දඟ කරනා කෙහෙරැලි මන        පිනවයි
නුඹ දැක්මෙන් උනන සතුට මහ සමුදුර         පරදයි


දවස පුරා සුන්දර රැව මගේ මනසේ           මැවෙයි
ඒ රැව සිප සැනසෙන්ට බැරි වීමත්                දුකයි
කුළුදුල් පෙම සුන්දර බව වැටහුනෙ නුඹ       නිසයි
නුඹ සැමදා හද අරනේ නාරි                       ලතාවයි

No comments:

Post a Comment

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.