Saturday, September 03, 2011

මගේ පාසල


උසස් පෙළ කඩ ඉමද
පැන ගතිමි වෙර දරා
කාලයා ඉගිල ඇත
අප සැමටත් හොරා
නිවිටන්, ආකිමිඩිස්
සුභ පතනෙමි නුඹට
තවත් වටිනා පරපුරක්
දායාද කරන්නට...
එසේ නමි විඳු මවුනි
සමුගනිමි සදහටම
රැගෙන යන්නට අවසරයි
ඒ දහතුන් වසරක මතක...

පිය නගමි නව ලොවට
ඔබෙන් ලත් ඒ දැනුම
පන්නරය කොට ගෙනම
හැර ලමින් දොර අගුල්
තවත් පරපුරකට,
ඔබ සෙවන ලබන්නට.

No comments:

Post a Comment

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.